මහබැංකු බැඳුම්කර වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු නීතිපති ජයන්ත ජයසුරිය ගෙන් උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වෙනවා . මෙම වාර්තා ලබා ලබාගැනීමට හැකියාව පිළිබඳව මතය විමසා ජනාධිපති ලේකම්ගෙන්වරයා විසින් නීතිපතිවරයාට ලිපියක් යවා තිබෙනවා.
අර්ජුන ඇලෝසියස්ගේ සමාගමෙන් මුදල ගත් 118 දෙනකු සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර ඔවුන්ගේ නම් හෙළි කරන්නැයි මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කරතිබූ අතර එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමිනුයි ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳව නිතිපතිවරයාගේ මතය විමසා ඇත්තේ .
එම තොරතුරු හෙළිකළ හැකි බව නීතිපතිවරයා දැනුම් දුනහොත් සියලු තොරතුරු අදාළ පාර්ශව වලට ලබාදෙන බවද ජනාධිපති ලේකම්වරයා පවසනවා .