ගෝඨාභයගේ අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 27 වැනි දා

0
392
views

මිග්යානා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල්හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීම සඳහා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට කැඳවා එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසමින් එම අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන නොවැම්බර් 27 වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා . ඒ මෙම පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වීම හේතුවෙනුයි අධිකරණය පෙත්සම් විභාගය මෙදින දක්වා කල් තබා තිබෙන්නේ .

විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු ඉවත් වීමත් සමඟ මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත්ව සිටිනවා .

ඒ පිළිවෙළින් ඊවා වනසුන්දර ,බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ය .
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්,පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.