මාලබේ සයිටම් ආයතනයේ සිසුන් 982 දෙනකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ගහණය කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා .. ඒ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදීය. ජනාධිපති සහ උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයට මෙසේ අනුමැතිය ලබා දී තිබෙනවා
ඒ අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට ඇතුළු කර ගන්නා බවයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ. ඒ සඳහා අවශ්‍ය වන පරිදි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයපනත සංශෝධනය කරන ඇමතිවරයා පවසනවා .