ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ අනුව බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අද (15) අනුමැතිය ලබා දී තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණෟඩලය අද දහවල් රැස් වු අවස්ථාවේදී රුපියල් 10 අවම බස් ගාස්තුව වැඩි නොකිරිමට තීරණය කර තිබෙනවා.