පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනයේ (මැයි මස 8) වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වෙනවා .
මෙම නිසා නව සැසිවාරය පටන් ගන්නා වේලාව සටහන් කර අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා .
එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගැනීමට නියම්තව ඇත්තේ මැයි මස 8 වැනි දිනය.