සියලු දේශපාලක පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක අවශ්‍යතාවය මතුව ඇතිබව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසනවා .
පසුගිය වසර හැටකට ආසන්න කාලයක් තනි දේශපාලන පක්ෂ රට පාලනය කර තිබුණත් ප්‍රශ්න අඩු නොවූ බව පවසන ඔහු පක්ෂ දෙක එක්ව නිර්මාණය කළ ජාතික ආණ්ඩු ක්‍රමය ද අසාර්ථක බව සඳහන් කරන්වා .
ඇමති අමරවීර මේ බව පැවසුවේ අද රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහ සහභාගී වෙමිනුයි.
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව පිළිබදව හෙට(02) රාත්‍රී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් , විශ්වාස භංගයේදී කුමක් කළ යුතුද තීරණයක් ගන්නා බවත්, පවසන ඔහු අපේ තනතුරු ගැන හිතන්නේ නැතිව රට ට හිතරක තීන්දුවක් පමණක් ගන්නා බව මෙහිදී පවසා සිටියා.