සඳුදා (09) කැබිනට් සංශෝධනයක් .

0
773
views

විශ්වාසභංගයෙන් පසු ලබන සඳුදා (9) නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව පැවසූවේ අද (04) පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

මෙහිදී අගමැති විවේචනය කර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ගැටළුවක් ඇති නොවන බවත්, අගමැතිට එරෙහිව ඡන්දය භාවිත කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බවත් ඔහු පවසනවා .

මේ පිළිබඳ අදහස් දක්වන විද්වතුන් පවසන්නේ මෙය අනියම් ආකාරයකින් ඡන්දය දීම වැළැක්වීමට සිදුකරන තර්ජනයක් බවයි.