ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනය කරයිද ?

0
122
views

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් අද (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ (09) රාත්‍රීයේදී තීරණය කර තිබෙනවා .

එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි පක්ෂ ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ . ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙනවා .