අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායක එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට භාරදී තිබෙනවා. ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බව ශ්‍රීලනිප පවසනවා.
ඉල්ලා අස්වූ ඇමැතිවරුන් වන්නේ කැබිනට් ඇමති ඇමැතිවරුන් වන – සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක
රාජ්‍ය ඇමැතිවරුන් වන – ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක
නියෝජ්‍ය ඇමැතිවරුන් වන – සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ නියෝජ්‍ය කතානායක – තිලංග සුමතිපාල යන අයවලුන්ය.