පාර්ලිමේන්තු සැසිවාරය අවසන් – නව සැසිවාරය මැයි 08

ශ්‍රී ලංකාවේ අට වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් ලැබුවා. එසේම නව සැසිවාරය මැයි මස 08 වන දින ආරම්භ වන බව සදහන් වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට වාර අවසාන කිරීම්ට හැකියාව ලැබී ඇති අතර එසේම ාස දෙකක් ඉක්මවීමට ප්‍රථම මීළඟ සැසිවාරය ආරම්භ කළ යුතුය. ඒ අනුව මැයි මස 08 වන දින පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වනු ඇත.