මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සකස්කරන ලද මිල සූත්‍රය අනුමැතිය සඳහා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ එකඟතාවය ඇතිව මේ වනවිට මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව වාර්තා වන අතර එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් එය මීළඟ කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වෙනවා.
මෙම මිල සූත්‍රය සකස්කළ පසුව ලෝක වෙළඳපළේ ඉන්ධන මිල උච්ඡාවචනය වන ආකාරයට මෙරට ඉන්ධන මිල නියම වන අතර එමගින් පාරිභෝගිකයින්ට සහ භාණ්ඩාගාරය යන දෙපාර්ශ්වයටම සාධාරණයක් ඉටුවන බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත් මෙමගින් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු වේ දැයි සැකයක් පවතින බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.