දුමින්ද නිසා ශ්‍රීලනිප ඡන්ද පදනම අඩුවුණා – ඇමැති සුසිල්

0
355
views

ජනතාවගේ මතය අනුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක් තිබෙන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අද (02) පැවැති වාර්ෂික පර්යේෂණ සමුලුවෙන් අනතුරුව මාධ්‍යයට ඔහු පැවසුවේ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂධයේ මහ ලේකම් පදවිය භාරගත් පසු පක්ෂ ඉතිහාසයේ පළමු වරට එහි ඡන්ද පදනම සියයට 3.8 දක්වා පහළ වැටුණු බව ය .

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මහජන නියෝජිතයන් 41 දෙනා අද සවස සාකච්ඡා පවා පවත්වන බවත් ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය කුමක්දැයි විමසීම සඳහා අමුතුවෙන් සමීක්ෂණ කළ යුතු නැති බවත් අවසන සුසිල් ප්‍රේමජයන්ත් දුම්රිය ස්ථානය, කඩමණ්ඩිය, අවමගුල් උත්සවය වැනි සෑම ස්ථානයක් හා ඕනෑම අවස්ථාවකදී ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය ඉතා පහසුවෙන් හදුනා ගත හැකි බව සඳහන් කරනවා .