අගමැති ගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කමිටුව අහෝසි කර හෝ අහෝසි වී නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනමාධ්‍යෙව්දීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි.
ආර්ථික කමිටුව තවම තිබෙන බවත් එය අහෝසි කර නොමැති බවත් පවසන ඔහු ආර්ථික කමිටුව ගැන ඉදිරිපත් කළ කැබැනට් පත්‍රය සති දෙකකට කල් තිබූ බවද, අගමැතිතුමාගේ ආර්ථික කමිටුව පෙර දීම පවතින බවද, ජනාධිපතිතුමාගේ ආර්ථික කවුන්සිලයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා අතර එම තීන්දු ක්‍රියාත්මක කිරීමේදී ඇති වන බාධක දුෂ්කරතා ගැන ආර්ථික කමිටුව තීරණ ගන්නා බව පවසනවා. එම තීන්දු තීරණ නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් ඉදිරිපත් කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.