Sunday, November 27, 2022
Home ප්‍රථම අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක අතට.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක අතට.


අගමැති රනිල් වික්‍රමසිංහට  එරෙහි සකස්කර ඇති  විශ්වාසභංග යෝජනාව ඒකාබද්‍‍‍ධ විපක්‍ෂය විසින් අද (21)  කතානායකවරයාට භාරදෙනු ලැබුවා.කතානායක නිල කාමරයේ දී බාර දුන් එම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව ආණ්ඩු පක්ෂයේ හතර දෙනකු ද අත්සන් තබා තිබෙනවා. රාජ්‍ය ඇමැති ටී බී ඒකනායක, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ඔවුන් අතර සිටිනවා.