ෆේස්බුක් තහනමට එරෙහිව පැමිණිලි ගොන්නක්.

0
424
views

ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සංවිධාන සහ පුද්ගලයෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ තිබෙනවා .

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ අන්තර්ගත සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු දහස් පළ කිරීමේ නිදහසට ඇති අයිතිය සමාජ මාධ්‍ය අවහිර කිරීම මගින් උල්ලංඝණය කර ඇතැයි එම පැමිණිලි කරුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නීතිඥ සංගම් ජාතික එකමුතුව, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය භාවිත කරන විවිධ පිරිස් ද මේ වන විට පැමිණිලි ගණනාවක් යොමු කර ඇති බව සදහන් වෙනවා .

වයිබර් වට්ස් ඇප් ran වැනි සමාජ වෙබ් ජාලා අවහිර කිරීම් තුළින් විදේශ ගතව සිටින බොහෝමයක් ශ්‍රී ලාංකිකයන්ට තම මව්බිමේ සාමාජිකයන් සමග සම්බන්ධතා පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ සිට මෙන්ම විදේශ රටවල් සිට ද ශ්‍රී ලංකාවට දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා විශාල මුදල්ක් ගෙවීමට සිදුවන සිදුවන බැවින් ඔවුන් සියලු දෙනාම වයිබර් වට්ස් ඇප් වැනි සමාජ ජාල හරහා පණිවුඩ හුවමාරු කටයුතු කරගෙන තිබූ අතර මේ වන විට එම සියලු කටයුතු අඩාල තිබේ . ඔවුන් සැක මතු කරන්නේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකව දුරකථන සමාගම් විසින් මෙම සේවාවන අත්හිටුවීමට අනුබල දුන්නේ ද යන්නයි.