හිටපු මහ බැංකු ලොක්කා අත්අඩංගුවට ගන්න වරෙන්තු .

0
278
views

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද (15) වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා .

මහ බැංකු බැඳුම්කර මුල්‍ය වංචාව පිළිබඳව පවත්වන ලබන මහේස්ත්‍රාත් විමර්ශනයේ පළමු සැකකරු වන මහේන්ද්‍රන් හට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද නොතීසි ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටිම පිළිබඳ කරුණු සළකා බලමිනුයි මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ .

මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මාර්තු 29 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහෙස්ත්‍රාත්වරිය අද (15) නියෝග කරනු ලැබුවා.