ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් ඇති වන බව යෞවන හා තරුණ කටයුතු ඇමැති සාගල රත්නායක පවසනවා .
මෙම වාරණය නිසා ඩිජිටල් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ හා සංචාරක ක්ෂේත්‍ර මේ නිසා අර්බුදවලට මුහුණපාන බවයි ඔහු පෙන්වා දෙන්නේ .
එයට පිළියමක් ලෙස කළ යුත්තේ සමාජ මාධ්‍ය වාරණය නොව වගකීම් සහිතව සමාජ මාධ්‍ය භාව්තය ප්‍රවර්දනය කිරීම යැයි ද සාගල රත්නායක සඳහන් කරනවා . මේ බව ඔහු පවසා සිටියේ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමිනුයි.