ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විකුණන්නෙ නෑ.

0
481
views

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට කලින් ගෙන තිබු තීරණය අත්හැරීමට රජය තීරණය කර තිබෙනවා.
රජය විසින් එළඹ ඇති නව තීරණයකට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය,පෞද්ගලික පොදු සමාගමක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව සඳහන් වෙනවා .

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් එහි වෘතීය සමිති, ලන්කන් ගුවන්සේවයේ රැකියා වල නියුතු පාර්ශව සහ ආර්ථික උපදේශකයන් විසින් දුන් කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉහත තීරණයට එළැඹ ඇති බවයි පැවසෙන්නේ .

රජයේ නව ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය පෞද්ගලික අංශයේ ප්‍රබල සමාගමක් තෝරාගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිතව ගුවන් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිත බව පැවසෙනවා .