හික්කඩුව ප්‍රදේශයේ විදේශිකයෙකුට විකිණීමට දොම්පේ ්‍රදේශයේ සිට ගෙන එන ලද රුපියල් කෝටි විස්සක් පමණ වටිනා වාලම්පූරියක් කොල්ලාකෑම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනක් අද (2) අත්අඩංගුවටගත් බව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.
විදේශිකයෙකුට මෙම වාලම්පුරිය විකිණිම සඳහා දොම්පෙ පදිංචි පුද්ගලයෙකු තවත් තිදෙනෙකු සමඟ මෝටර් රථයකින් හික්කඩුවට පැමිණ ඇති අතර එහිදී වාලම්පූරිය ගෙන එන ලද පිරිස එය විකිණිමේ අතරමැදියා සමඟ සාකච්ඡා කරමින් සිටින විට එහි පැමිණි මෙම පොලිස් නිලධාරින් සිවු දෙනා එම පුද්ගලයින් පලවා හැර වාලම්පුරිය රැගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේ මෙම පුද්ගලයන් මේ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී ඇති අත්ර , ඒ අනුව වාලම්පුරිය සමඟ එම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ .