මහනුවර හානිවලට වන්දි කඩිනම් කරන්න අගමැතිගෙන් උපදෙස්

0
160
views

එළැඹෙන සිකුරාදා වන විට දේපොළ අලාභ හානි තක්සේරු කර හැකි ඉක්මනින් වන්දි ලබා දීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පැවසුවා .

ඔහු අද මේ බව පැවසුවේ මහනුවර කළහයෙන් අලාභ හානි වූ ප්‍රදේශවල කළ සංචාරයකින් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

ඔහු මෙහිදී පවසා සිටියේ හානි වූ සියලුම දේපළ සහ ජීවිත වලට උපරිම වන්දි ලබා දෙන බවත් ඒවා කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් ය.