මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය

0
454
views

අද උදේ 10ට ඉවත් කරන ලද ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා.

එය හෙට උදෑසන 6 තෙක් බලපැවැත්වෙනු ඇතැයි ද පවසන ඔහු
ඇඳිරිනීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවත්, නඩු විභාගකයින් වැරදිකරුවන් වුවහොත් ඔවුනට අවුරුදු හතක් දක්වා වූ සිරදඬුවම් නියම කළ හැකි බවත් පෙන්වා දෙනවා.

මේ අතර ඇඳිරිනීතිය කඩ කළැයි ඊයේ අත්අඩංගුවට ගත් හතර දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.