මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය අද උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා .
හදිසි නීති රෙගුලාසි අනුව පොලිස්පතිවරයා විසින් ඊයේ සවස 4ට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පැය 24ක් සඳහා ක්‍රියාත්මක වන පරිදිය ඒ අනුව එය අද උදෑසන 10ට ඉවත් කර තිබෙනවා .
මේ වන විට මහනුවර ප්‍රදේශයේ බොහෝ කඩ සාප්පු විවෘත කර ඇති අතර සාමාන්‍ය පරිදි ප්‍රවාහන කට කටයුතු සිදුකෙරෙමින් පවතින බව වාර්තා වෙනවා.