මහපොළ හෝ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් සපුරා ඇති සියලූම සිසුන්ට හිමි එම ගෙවීම් කිසි ලෙසකින් කපා හරින්න නැතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා .
මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවලට අලූතින් බඳවාගත් සියලූ සිසුන්ට ශිෂ්‍යාධාර අත්තිකාරම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවත් , මහපොල ශිෂ්‍යත්වය ලබමින් සිටින සිසුන් සඳහා ඉදිරි ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිට සියලූම විශ්ව විද්‍යාල වෙත ලබා දී ඇති බවද ද එම ශිෂ්‍යාධාරයට සුදුසුකම් ලබන නවක සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ මාසය ඇතුළත විශ්ව විද්‍යාල වෙත ලබා දීමට මහපොළ භාරකාර අරමුදල කටයුතු කර ඇති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
මේ අනුව දැනට අධ්‍යයන කටයුතු ආරම්භ කර නැති එහෙත් ඉදිරියේ දී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට යෝජිත විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කළ දින සිට මසක් ඇතුළත මහපොළ ශිෂ්‍යාධාර අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද එම කොමිසන් සභාව වැඩිදුරටත් පවසා සිටිනවා .