පළමු තරගයේදීම ලංකාවට කඩුලු 5 ක ජයක්.

නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු තරගයේදීම කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 174 ක් ලබගත් අතර ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී පන්දු 9 ක් ඉතිරිව තිබියදී ලකුණු 175 ක් ලබාගෙන මෙම තරගයේ ජයග්‍රහණ ලබාගත්තා.