නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නෑ

0
1446
views

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බව කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පවසා තිබෙනවා .

නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ ගල්නෑව කලංකුටිටිසැකකරුවෙකුට එරෙහිව ගල්නෑව පොලිසිය අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකින් විත්තිකරු නිදොස් කොට එම තීන්දුව ලබාදී තිබේ .

නඩුවට අද අදාළ නීතිමය කරුණු සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා පැවසුවේ නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බවය .