නාගරික කොමසාරිස්ට තනතුර අහිමි වෙයි.

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වාර්තාවකට අනුව කොළඹ නාගරික කොමසාරිස් එම තනතුරෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආන්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව මහධිකරණ විනිසුරුවරයකු ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයට අනුව නිකුත් කළ වාර්තාවේ නිර්දේශ පරිදී මෙම පියවර ගත් බව ආණ්ඩුකාර කාර්යාලය පවසනවා.

ජනාධිපතිවරයා විසින් මෙම ඒක පුද්ගල කමිටුව පත් කළ අතර එහි නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දී තිබූ බවද ඒ අනුව නාගරික කොමසාරිස් එම අනතුරේ ඉවත් කළ බවත් ඔහු බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුක්ත කිරීමට තීරණට කර ඇති බවත් එම කාර්යාලය තවදුරටත් පවසනවා .