දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිය 13 දක්වා රිමාන්ඩ්.

0
383
views

තලංගම කොස්වත්ත මංසන්ධියේදී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පිස්තෝලයකින් පහරදී තුවාල සිදුකර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ දකුණු පළාත් සභා මන්තී‍්‍ර එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිද තාරකා පෙරේරා ලබන (13) දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් නියෝග කර තිබෙනවා.

මෙම සැකකරුවන්, තුවක්කු ආඥාපනතේ 44 (අ) සහ 44 (ආ) සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 314 හෝ 316 වගන්ති යටතට ගැනෙන වැරදි සිදුකර ඇතැයි සදහන්තලංගම පොලීසිය විසින් අධිකරණය වෙත බී වාර්තාවක් සමඟ ඉදිරිපත් කර තිබුණා .

එසේම, මෙම සිද්ධියට අදාළ පැමිණිලිකරු තමන්ට පහර දුන් බවට දකුණු පළාත් සභා මන්තී‍්‍ර විසින් පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එම සිද්ධියට අදාළ බස් රථ රියදුරු පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් ඉදිරිපත් කළ අතර එහිදී ඔහු රුපියල් ලක්ෂ දෙකබැගින් වූ ශරීර ඇප දෙකක ඇප මත සැකකරු මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.