එජාප ප්‍රතිසංවිධානය ගැන වාර්තාව අද අගමැති අතට.

ඉකුත් සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබාගැනීමේ කමිටු වාර්තාව අද දින ඔහු අතට ලබා දීමට නියමිතය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මෙම කමිටුවේ සභාපතිත්වය දරණ අතර හරින් ප්‍රනාන්දු , සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ අජිත් පී පෙරේරා යන ඇමතිවරු කමිටුවේ සෙසු සාමාජිකයෝවෙනවා .