රාජ්‍ය සම්මානලාභී නවකතාකරු ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍රයන් අද අභහවප්‍රාප්ත වුණා. 1939 වසරේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඔහු මියයන විට 79 හැවිරිදි වියෙහි පසු වුණා .
මල්දෙණියේ සිමියොන්, කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, ජීවිතය සුන්දරය, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරුණාවේශය ආදී කෘතීන් ගණනාවක් ඔහු විසින් රචනා කර තිබේ. ඔහු විසින් රචිත මල්දෙනියේ සිමියොන් සිනමාපටයක් බවට ද පත් වුණා.
අවසන් කටයුතු බදාදා (7) පස්වරුවේ පන්නිපිටිය ඇරැව්වලදී සිදු කෙරෙනවා.