අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය 04 වැනිදා.

 

අගමැති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද (22) තීරණය කර තිබෙනවා.

එම විවාදය 04 වන දින පෙරවරු 9.30 ට ආරම්භ කෙරෙන අතර එය රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතරය. මෙහි ඡන්ද විමසීම 9.30 ට ආරම්භ කිරීමට නියමිතය. මේ බව කතානායක කරුජයසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා .