ඇලෝසියස් – කසුන් අත්අඩංගුවට.

බැඳුම්කර වංචාවට අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රහස් පොලිසිය විසින් ඇලෝසියස් අත්අඩංගුවට ගෙන ගත්තේ ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් තිබෙනවා .

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන් අතර
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ජීවත් වන නිසා ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන්ට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළා .