ජාතික ආණ්ඩුව 2020 තෙක් ගෙනයාමට එජාපය තීරණය කරයි.

0
1436
views

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යා යුතු යැයි එක්සත් ජාතීන්ගේ ජාතික පක්ෂය අද තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මෙම තීරණය ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ නායකයන්ට දැනුම් දීමට වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉහත තීරණය දැනුම් දීම සඳහා අද (11) සන්ධ්‍යාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට ද නියමිතය.

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අරලිය ගහ මන්දිරයේදී අද (11) පැවති මෙම සාකච්ඡාව මෙය තීරණය වී ඇත .