ජල සම්පාදන සේවකයෝ වැඩවර්ජනයකට සැරසෙයි.

ජල සම්පාදන සේවකයෝ (02) දින යළිත් පැය හතරක වර්ජනයකට එළැඹෙන බවත් එයටත් රජයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නැත්නම් අඛණ්ඩ වර්ජනයකට යන බවත් ජල සම්පාදන වෘත්තිය සමිති පවසනවා .

පසුගිය මස 30 දා පැවැති පැය හතරක සංකේත වර්ජනයෙන් පසු ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු බලධාරින් සමඟ සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙසේ යළි වර්ජනයකට එළැඹෙන බව ජල සම්පාදන සේවක සංගමය පවසනවා .

ඒ අනුව (02) පෙරවරු 9 සිට දහවල් 1 දක්වා කාර්යාල කටයුතු දෛනික නඩත්තු , පාරිභෝගික සේවා, මනුසටහන්, බිල්පත් සැකසීම් ඉදිරිපත් කිරීම් අයකිරීම් සිදු නොකෙරෙන බව පවසන එම සංගමය, පොම්පාගාරවල අත්‍යවශ්‍ය කටයුතු සිදුකෙරෙන බවද සාකච්ඡා මඟින් ගැටලූ විසඳා ගැනීමට තම සංගමය නිතර උත්සාහ කරන නමුත් බලධාරීන් එයට හරස් වන්නේ යැයි ද පවසනවා .