අර්ජුන සහ කසුන් සඳුදා තෙක් රිමාන්ඩ්.

බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සඳුදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරනු ලැබුවා.
රහස් පොලිස් භාරයට ගනු ලැබු ඔවුන් දෙදෙනා ඉන් පසු රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත් විසින් ඉහත නියෝග කරනු ලැබුවා .