අතිපූජ්‍ය විමලරතන නාහිමියෝ අපවත් වෙති.

බෙල්ලන්විල විහාරස්ථානයේ සිටින ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ අද (03) අපවත් වූහ
ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති අතර නාහිමියන්ගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බව වෛද්‍යවරුන් පවසනවා .
අපවත්ඒ වන අවස්ථාව දක්වා ද නාහිමියෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස කටයතු කරමින් සිටියහ.
විමලරතන නාහිමියන්ගේ ආදාහනය පිළිබඳ විස්තර පසුව දැනුම්දෙන බව එම විහාරස්ථාන ආරංචිමාර්ග පවසනවා .