හිටපු මාගම්පුර වරාය සේවකයෝ මාරාන්තික උපවාසයක.

0
269
views

හම්බන්තොට මාගම්පුර වරායේ සේවයෙන් ඉවත් කළ සේවකයන් අද දින 09 සිට මාරාන්තික උපවාසයේ යෙදීමට තීරණය කර තිබෙනවා .

බලධාරීන් මෙතෙක් සිය ඉල්ලීම් වලට කිසිදු විස විසදුමක් ලබා නො දීමට විරෝධය පළ කිරීම්ට මෙම උපවාසයේ නිරත වෙන බව ඔවුන් පවසනවා.

වරාය පිවිසුම් දොරටුව අබියස සේවකයන් 438 දෙනෙකු මෙලෙස උපවාසයේ නිරත වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

2017 නොවැම්බර් 30 වන දින සිට මෙම සේවකයන් සේවයෙන් ඉවත් කෙරුණු අතර, වරාය චීන සමාගමට බදු දීමෙන් පසුව ද මොවුන් නැවත සේවයට බඳවා ගෙන නැති බවයි පැවසෙන්නේ.