සිංගප්පූරු අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක.

සිංගප්පූරු අගමැති ලී ෂියැං ලුං සංචාරයක් සඳහා මේ මස විසිදෙවැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ලබන 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා පැවැත්වීමට ද එමෙන්ම දෙරටට වැදගත්වන ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.

22දා සිට 24 වෙනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයේේ යෙදෙන සිංගප්පූරු අගමැති, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.