සරසවි සිසුන්ට කදුලු ගෑස් ප්‍රහාරයක්.

සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොල්ලුපිටිය මංසන්ධියේ දී පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරියා. සිසුන් පොලිස් මාර්ග බාධක පෙරළා අරලියගහ මන්දිරයට ගමන් කිරිමට උත්සහ කිරිමේ දී එය වළක්වා ලමින් පොලිසිය ඔවුන් විසුරුවා හැරිමට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර මේ හේතුවෙන් කාර්යාල නිම වී කොල්ලුපිටිය දුම්රිය ස්ථානය වෙත ගමන් ගන්නා මහජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වුණා .

මේ හේතුවෙන් පොලිසිය විසින් ගාලු පාර කොල්ලුපිටිය මන්සංධියෙන් වසා දමා ඇති අතර අන්තර් විශ්ව විද්‍යාල ශෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ද සිද්ධියේ දී තුවාල ලබා ඇත. සරසවි සිසුන්ගේ ඉහත ක්‍රියාව පිළිබඳව මහජනතාව සිය අප්‍රසාදය පළකර කරනවා.