ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපතිගෙන් සන්ධාන 96 ආරාධනා.

පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එක් වන්නේ නම් හෙට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (27දා) සවස රත්නපුර නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් පාලන අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ රැස්වීමක් අමතමින් පැවසුවා .

‘අපිට කියනවා ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගොස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සංධානයේ මන්ත්‍රීවරු අනූ හයදෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලැස්තියි ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න යනුවෙන් ද පැවසූ ජනාධිපතිවරයා , ‘ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්.පීරිස්ගේ කුණු කාණුව, ඕකදාලා එන්න මා සමග ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න, හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහය මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම් යනුවෙන් ද පැවසුවා.