යතුරුපැදි කරුවෙකුට වෙඩි තබා ඝාතනය කළා යැයි සැක පිට පොලිස් නිලධාරියෙක් රිමාන්ඩ්.

කතරගම පුද්ගලයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයා ජනවාරි 30වැනිදා තෙක් රිමාන්ඩ් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කතරගම මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කර තියෙනවා.
ඊයේ (20) රාති‍්‍ර කතරගම ප‍්‍රාදේශිය සභාවේ සේවකයකු යතුරු පැදියකින් ගමන් ගන්නා අවස්ථාවේ දි රාත‍්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් වෙඩි තැබීමෙන් එම පුද්ගලයා මියගියේය. පොලිස් අණ පරිදි යතුරුපැදිය ටික දුරක් ගොස් නතර කරනවාත් සමග අදාළ පොලිස් නිලධාරියා ඔහුට වෙඩි තැබු බව යතුරු පැදියේ පසු පස ගමන් ගත් දැනට තුවාල ලබා කතරගම දිසා රෝහලේ ප‍්‍රතිකාර ඔහුගේ මිතුරා පවසනවා .-
මිය ගිය පුද්ගලයාගේ හිසට වෙඩි වැදි බරපතල තුවාල සිදුවී මිය ගොස් ඇති අතර මෙම වෙඩි තැබීමත් සමග කුපිත වු කතරගම ජනයා අද(21) අලුයම කතරගම පොලිසියට පැමිණ පොලිසියේ විදුරු ජනේල්වලට පහර දී ජිප් රථයකටද අලාභ හානි බව වාර්තා වෙනවා .
එහිදී පොලීසිය ද කදුළු ගෑස් ගසමින් අහසට වෙඩි තබා ගම්වාසින් පළවා හැරීමට කි‍්‍රයා කර අති අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා පොලිසියට රැකවරණය ලබාගෙන තිබෙනවා.