පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් ජනවාරි 10 .

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ඉල්ලීම් අනුව බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැදවීමට කතානායක කරු ජයසූරිය අද තීරණය කර තිබෙනවා. ඒ අනුව එම විශේෂ සැසිවාරය ලබන බදාදා පෙරවරු 10ට පැවැත්වීමටයි කතානායකවරයා බලාපොරොත්තු වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක් බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීම් කර තිබුණි.