ධර්මසේන පතිරාජයන් දැයෙන් සමුගනී.

ධර්මසේන පතිරාජයන් දැයෙන් සමුගනී.

අභාවප්‍රාප්ත වූ ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ 1943 මාර්තු 28 වැනි දින මහනුරව දී උපත ලැබූ අතර ඔහු මහනුවර පුද්ගලික රෝහලක දී මියයන විට 74 වැනි වියේ පසුවිය. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ධර්මසේන පතිරාජයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ .

1970 වසරේදී සිනමා දිවිය ඇරඹු ඔහු සතුරෝ නම් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියේය. 1974 වර්ෂයේ දී අහස් ගව්ව , (1977) එයා දැන් ලොකු ළමයෙක් (1977) බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) සක්කාරං (2016) වැනි විශිෂ්ටයන් නිර්මාණ බොහොමයක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබේ. එසේම මායා මන්දිර, සුභ අනාගතයක්, කඩුල්ල, වන්නි හාමිනේ වැනි ටෙලි නාට්‍ය කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇති පතිරාජයන් 2013 රාජ්‍ය සාහිත්‍ය උත්සව සම්මාන උළෙලේ දී පෙද්රෝ පරාමෝ පරිවර්ථනය සඳහා හොඳම පරිවර්තිත නවකතාවට හිමි සම්මානය ද දිනා ගත්තේය .