ජනපති රහස් හෙළිකරයි.

වත්මන් රජ බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසුවා.

ඒවා කළ අය මෙන්ම ඊට සහාය දුන් සහ එය දැක දැකත් බලා සිටි අය සම්බන්ධයෙන් රටක් ලෙස කෙසේ සිතිය යුතු ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

තමාගේ හෙට දවස ගැන නොසිතා මේවාට විරුද්ධවීමට සිදුවී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදි පැවසු ජනාධිපති තමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයිද පැවසුවා.

පසුගිය වසර තුනේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් පුද්ගලික සමාගම්වලට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා පවසන ජනධිපති රජයට සම්බන්ධව සිටි සහ හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාරවලට මෙම මුදල් ගොස් ඇති බවත්, අවුරුදු තුන තුළ මෙම මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගොස් ඇති බවත්සඳහන් කරනවා.

රවි කරුණානායක විසින් මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කරන්නට තිබූ ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සියදිවි හානිකර ගැනීමක් වන බව ද, මහ බැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවට ඉදිරිපත් වූ සාක්ෂි ඇතුළත් ලිපි ගොනු ලොරි දෙකක් ගබඩා කර ඇතැයිද ජනාධිපති සිරිසේන මහතා පවසා සිටියේය.

මහ බැංකු බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසුව එහි පිටු අඩු බවට කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද බැඳුම්කර වාර්තාව ලැබී සති දෙකකින් පමණ ප්‍රකාශයක් කිරීමට තමා සිතා සිටියද, එය වහා ඉදිරිපත් කළ යුතු බවට කළ ඉල්ලීම් නිසා තමා කල් ඇතිව ප්‍රකාශයක් කළ බව ජනාධිපතිවරයා පවසනවා.

තමා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන්ගේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හා නීතිඥයින්ගේ අදහස් විමසීමෙන් පසුව පවසන ජනාධිපතිවරයා, තවත් පිරිසකගේ අදහස් ලබාගැනීමෙන් පසුව තමා මෙවැනි ප්‍රකාශයක් කළේ ජීවිතයේ පළමු වතාවට බව පවසනවා. මෙම වාර්තාවේ කිසිම අඩුවක් නැති බව තමා වගකීමෙන් පවසන බව ද සඳහන් කරනවා.

වාර්තාව පාර්ලිමේන්තුවට යැවීමෙන් පසුව ඊට පසුබිම් වූ වාර්තා ලිපි ලේඛන ලොරි දෙකකට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තිබෙන බවද, ඉදිරියේදී නඩු පැවරීමට අවශ්‍ය සහ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද පැවසීය. පාඩු වූ මුදල් අයකර ගැනීමටත්, නඩු පැවරීමටත් අවශ්‍ය ලිපි ලේඛන රැසක් එහි තිබෙන බව ද ජනාධිපති පවසනවා.

මෙම වාර්තාව නිවැරැදිව තේරුම් ගැනීමට නම් ගබඩාවල තිබෙන එම ලිපි ලේඛන ද යම් ප්‍රමාණයකට පරිශීලනය කළ යුතු යැයි කී ජනාධිපති , වාර්තාවේ පිටු අඩුවී ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ යැයි සඳහන් කරනවා.

තමාගේ ප්‍රතිපත්ති හේතුවෙන් හිටපු අය මෙන්ම ආණ්ඩුවේ දැන් සිටින අය ද තමා දෝෂදර්ශනයට ලක් කරන බව කී ජනාධිපති කොමිසමේ වාර්තාවක් බොරුවක් බව රවි කරුණානායක හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බව පවසනවා.

රවි කරුණානායක පාර්ලිමේන්තුවේ කරන්නට ගිය පළමු ප්‍රකාශය අගමැතිවරයා වැළැක්වූයේ එම ප්‍රකාශය කළොත් ලොකු අමාරුවක වැටෙන බව ප්‍රකාශ කරමින් යැයි පවසන ජනාධිපතිවරයා, රවි කරුණානායක දෙවැනියට කරන්නට ගිය ප්‍රකාශය නතර කළේ කතානායකවරයා විසින් බවද පවසනවා. ඔහු එම ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සිය දිවි නසා ගැනීමක් වනු ඇතැයි ද ජනාධිපති පවසනවා.