ඌව මහ ඇමැති මානව හිමිකම් කොමිසමට.

0
467
views

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක පෙබරවාරි පළමු වැනි දා උදේ නවයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට තිබෙනවා.

ලංකාදීප පුවත්පතේ පළ වූ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් ඉන් පසු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ කැෆේ සංවිධානය ගොනු කළ පැමිණිල්ල ද ඊට අදාල කරගත් බවත් කොමිෂන් සභාව පවසනවා.

ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල , ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක සහ පළාත් සභාවේ මාධ්‍ය නිලධාරීන් දෙදෙනෙකු පසුගිය 25 වැනි දා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා පැය 10ක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන් එම විමර්ශන කර තිබෙනවා .