සරත් ෆොන්සේකාට එරෙහි පෙත්සම මැයි 17 දා

0
1439
views

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු ගොනු කල රිට් පෙත්සම සලකා බැලීම මැයි 17 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීන්දු කළේය.
සරත් ෆොන්සේකා වෙනත් පක්ෂයක නායකයෙකු වන බැවින් ඔහුගේ නම එ.ජා.ප අපේක්ෂක ලැයිස්තුවේ හෝ ජාතික ලැයිස්තුවේ සඳහන්ව නොතිබූ බව පෙත්සමේ දක්වන අතර එම පත්වීම නීතිවිරෝධී බවද එම පත්වීම අහෝසි කරන ලෙසද හිටපු දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.