සයිටම් ප්‍රශ්නය විසඳන්න විද්වත් කමිටුවක්

0
766
views

පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලූ සහගත තත්වයට විසදුම් ලබාදීමේදී විශේෂ විද්වත් කමිටුවක නිර්දේශ පදනම් කරගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ.                මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කරගනිමින් මතුවී ඇති එම අර්බුදකාරී තත්වය පිළිබඳ වෛද්‍ය සංගම් නියෝජිතයන් පිරිසක් සමග අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී පැවති විශේෂ සාකච්ඡවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කර ඇත.
ඒ අනුව සියලූ පාර්ශවයන් වෙතින් ලබාදෙන යෝජනා හා නිර්දේශ ජනාධිපති විසින් පත්කරන විශේෂ විද්වත් කමිටුවකට යොමුකිරීමතේ එම විද්වත් කමිටුව මගින් ලබාදෙන නිර්දේශ පදනම් කරගනිමින් අවසන් තීරණයකට එළැඹීමටත් නියමිතය.