දූෂණ මර්දන ස්ථානාධිපති අත්අඩංගුවට.

0
1920
views

වැල්ලවාය තිස්ස පාරේ සීජීඑම් මාවතේ දී වාහනයක සිටි පුද්ගලයකුට පහර දුන්නේයැයි සැකපිට මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑ බව කියන පුද්ගලයා වාහනයකින් යමින් සිට ඇති බවත්, පොලිස් පරීක්ෂකවරයකු වන ස්ථානාධිපති යතුරු පැදියෙන් යමින් සිටි ඇති බවත් ස්ථානාධිපතිගේ යතුරු පැදියට තමන්ගේ පාර අවහිර කළා යැයි කියමින් ඔහු තමන්ට පහර දුන් බවත් පහරකෑ පුද්ගලයා පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම පහරකෑ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.