ගැටලු විසඳන්න වෛද්‍ය පීඨාධිපති වාර්තාවක් දෙසතියකින් – රාජිත සේනාරත්න

0
713
views

“සයිටම්” ආයතනය පිළිබද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අද (15) සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි ප්‍රමිතිය හා එම ගැටලු විසඳීම පිළිබද වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට නියමිත බව සෞඛ්‍ය ඇමැති රාජිත පවසනවා.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ‘මෙම ප්‍රශ්ණය විසදීම සදහා අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබන බවත්, ලබන සිකුරාදා දහවල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙන බවත්ය.