වැලි මැස්සාගෙන් ප්‍රවේසම් වන්න!

0
2533
views

උතුරු මැද සහ දකුණු පළාත්වල ව්‍යාප්ත වෙමින් පවතින වැලි මැසි උවදුර සෙසු පළාත්වලට ද පැතිර යෑමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරපෝෂවේදය පිළිබඳ අංශ ප්‍රධානී ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්‍රමසිංහ පවසනවා.

1972 වසරේදී පමණ මුලින්ම වාර්තා වූ මදුරුවෙකුට සමාන මෙම වැලි මැස්සා (Sand fly) ලෙස හඳුන්වනු ලබන පරපෝෂිත කෘමි විශේෂය නිසා ලීශ්මේනියෑසිස් ( Leishmaniasis) ලෙස හඳුන්වන චර්ම රෝගය මිනිසුන්ට වැළඳෙන බව ආචාර්ය ඩබ්ලිව්.ඩී.එස්.ජේ වික්‍රමසිංහ‍ෙ පවසනවා..

ලීශ්මේනියෑසිස් චර්ම රෝගය වැළඳුණු රෝගීන් 2500 ක් පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බව පවසන ආචාර්ය වික්‍රමසිංහ
“වැලි මැස්සාගේ ගෑනු සතා මිනිස්සුන්ගෙ සහ සතුන්ගෙ ලේ බොන අවස්ථාවේ මේ රෝග කාරකය මිනිස් ශරීරයට ඇතුල් වෙන නිසා මෙය ආසාදනයක් ලෙස පැතිර යන බව පවසනවා.