රවිරාජ් ඝාතන නඩුවේ තීන්දුවට එරෙහිව අභියාචනයක්

0
1433
views

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අධිකරණය ලබා දුන් නඩු තීන්දුවට තමන් එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසනවා.

රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙනලද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් වැඩිදුරටත් පවසනවා.

මෙ නිසා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව අදාළ නඩු තීන්දුව තුළින් තහවුරු වන බව පවසන එම්.ඒ සුමන්දිරන් යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා සිටින්නේ ද එවැනි තත්වයක් මත බවත් සඳහන් කරනවා.

“රවිරාජ් මන්ත්‍රීතුමා ඝාතනය කරලා අවුරුදු දහයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් වරදකරුවන් කර නැහැ. උදේ වරුවක මහ පාරේඔහු මරා දැම්මේයි මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් වැඩිදුරටත් පවසනවා.